අමු මාළු ආහාරයට ගැනීමෙන් සිදුවන දේ වෛද්‍යවරුන් පෙන්වා දෙයි

November 19, 2020 at 9:17 AM

කොරෝනා වයිරසය සෑම පෘෂ්ඨයක් මතම රැඳෙන බවට මේ වන විට තහවුරු වී ඇති බැවින් අමුවෙන් මාළු අනුභව කිරීමෙන් වයිරසය සෘජුව ශරීර ගතවිය හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලක්මිණි මාගොඩරත්න සඳහන් කරයි.

සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අමු මාළු අනුභව කිරීම සඳහා සකස් වී ඇති නමුත් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වී ඇත්තේ පිසින ලද මාළු අනුභව කිරීමට බැවින් යම් හේතුවකින් අමු මාළු අනුභව කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදනයන් ඇතිවිය හැකි බව ඇය පෙන්වා දේ.