මගේ අම්මා මම වෙනුවෙන් ගොඩක් දුක් වින්දා : මගේ ළමා ජීවිතය ඒතරම් සුන්දර නැහැ – රටක් හාස්‍යයෙන් මුසපත් කරන අපුරූ රංගන ශිල්පියාගේ ජිවිත කතාව (VIDEO)

November 18, 2020 at 4:31 PM

මම කුඩා කාලයේදී බොහෝ දුක් වින්දා. පොඩි කාලයේදී මම දැක්කේ මගේ ගෙදර අම්මා සහ තාත්තා අතර හැම තිස්සෙම රණ්ඩු වෙන එක. මම පල්ලියට ගිහින් දෙවියන් වහන්සේගෙන් ඇහුවා ඇයි මටම මේ දේවල් වෙන්නේ කියලා? අපි මෙච්චර දුප්පත් කියලා ඇයි කියලා ඇහුවා.

මගේ පොඩි කාලේ ඉදලා මාව අද ඉන්න තැනට අරගෙන ආවේ මගේ අම්මා. මගේ අම්මා පොඩි රස්සාවක් කළේ. මගේ තාත්තා රෝගියෙක්. මගේ අම්මා තමයි මගේ තාත්තා උනේ. මගේ අතීතය ගැන දන්න අය ඒ ගැන දන්නවා. මම පොඩි කාලේ ජිවත් උනේ බොහෝම ගෘහස්ථ හිංසනයක් සහිත වටපිටාවක් එක්ක.

සුවහසක් ලාංකික ජනතාව හාස්‍ය මුසු රංගනයෙන් මුසපත් කළ රංගන ශිල්පියෙකු වන ගෙහාන් බ්ලොක් Hari TV යුටියුබ් වීඩියෝ නාළිකාව සමග එක්වෙමින් සිය ජීවිතයේ අත්විදීමට සිදුවූ අත්දැකීම් ගැන බෙදාහදා ගනු ලැබුවා.