ශ්‍රී ලන්කන් සමාගමේ සේවකයින් 546කට ස්වේච්ජාවෙන් විශ්‍රාම ගැන්වීමේ කැබිනට් අනුමැතිය

November 17, 2020 at 12:00 PM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මුහුණ පා ඇති මුල්‍ය අර්බුදය හේතුවෙන් ස්වේච්ජා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් යටතේ සේවකයින් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙම සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට සිදුවනු ඇති බවයි ඒ පිලිබඳ වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සංචාරක අමාත්‍යවරයා දන්වා ඇත.

ඉදිරි වසර 03ක කාලය තුලදී සමාගමේ මෙහෙයුම් වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වේච්ජා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇත.