වරාය අධිකාරිය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

November 17, 2020 at 11:14 PM

වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.