කොවිඩ් මරණ 05ක් වාර්තා වේ : සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවයි

November 17, 2020 at 10:50 PM

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමගයි.

මිට අමතරව අද දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 398ක් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,075ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12,210ක් පුර්ණ සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,799ක් වේ.