ඕස්ට්‍රේලියාවේ සහ ජපානයේ සිට අසත්‍ය කරුණු ප්‍රචාරය කළ දෙදෙනෙකු ගැන CID විමර්ෂණ

November 17, 2020 at 10:08 AM

විදේශ ගතව සිටිමින් මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින් මහ මග ඇද වැටී මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරණය කළ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙලෙස අසත්‍ය ප්‍රචාරණයන් සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සහ ජපානයේ සිට බවට කරුණු හෙළිවී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කරුණු සඳහන් කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාරණයන් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කරුණු සඳහන් කළා.