පොලිස් කොරෝනා පොකුර 785 දක්වා ඉහළට

November 16, 2020 at 7:14 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 229 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත්තේ පළමු ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,516ක් වනවා. ඉන් ආසාදිතයින් 11,806 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 5,652ක්.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය ආසාදිත නිලධාරින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 191ක්, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් 64ක්, බොරැල්ල පොලිසියේ නිලධාරින් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරින් 24ක්, කොළඹ කොටුව පොලිසියේ නිලධාරින් 122ක් සහ වේල්ල විදිය පොලිසියේ නිලධාරින් 10 දෙනෙකු ඒ අතර වන බවට වාර්තා වනවා.