විල්පත්තු වන සංහාරයට රිෂාඩ් වැරදිකරු වෙයි : පෞද්ගලික මුදලින් වන වගාව සිදුකරන්නැයි අධිකරණයෙන් තීන්දුවක්

November 16, 2020 at 11:21 AM

විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.

ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.

එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි.