මෙරට ඉතිහාසයේ පළමු වරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් හමුදාවේ නියමුවරියන් ලෙස කොමිෂන් ලබයි

November 16, 2020 at 2:10 PM

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේදී කොමිෂන් නිලයට පත් කරනු ලැබ තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ නියමු නිලධාරිනියන් වන ඒ.ඩී.පී.එල්. ගුණරත්න සහ ආර්.ටි. වීරවර්ධන මෙලෙස ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම කාන්තා ගුවන් නියමුවරියන් ලෙස අද දිනයේදී කොමිෂන් නිලයට පත් වු බවයි.

චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ පැවති 61 වන නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩයේ නිලධාරීන්ගේ විසිරි යාමේ පෙළපාළිය අද පැවැත්වුණා. එහිදී කැඩෙට් නිලධාරින් 53 දෙනෙකු අද දිනයේදී කොමිෂන් නිලයට පත් කරනු ලැබුවා.