කුරුඳුවත්තේ රිය අනතුරට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ දියණිය අත්අඩංගුවට

November 16, 2020 at 2:27 PM

රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැඳවමින් බම්බලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේම පුත්‍රයෙක් බවයි වාර්තා වන්නේ.

නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.

අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදුව තිබුණා.