කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 541ක්

November 16, 2020 at 7:44 AM

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 704 දෙනා අතුරින් 541ක් දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වීඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 39 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත.

එමෙන්ම විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට සිටි පුද්ගලයින් 03 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

කොළඹ වාර්තා වී ඇති ආසාදිත්යිනේ 541ක් දෙනා ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා සිමාවේ මේ වන විට හුදෙකලා කොට ඇති ප්‍රදේශවලින් බවද හමුදාපතිවරයා සඳහන් කළේ.

මීට පෙර වෛරසය ආසාදනය වූ ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කොට සිට ඇති බවත් එලෙස යොමු කර සිටි පුද්ගලයින් හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට සෞඛ්‍ය අංශ තමන් දැනුවත් කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.