ලොක්ඩවුන් කළ ප්‍රදේශ කිහිපයක සීමිත ආයතන ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට අවසර

November 15, 2020 at 1:48 PM

හෙට (16) අලූයම පහේ සිට හුදෙකලා කෙරෙන ප්‍රදේශ තුළ පවත්වාගෙන යා හැකි ආයතන කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා, එම ප්‍රදේශයන්හි  අධිකරණ කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන එලෙස පවත්වාගෙන යා හැකි බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

එම ආයතන ක්‍රියාකාරීත්වය දැඩි සෞඛ්‍ය රේගුලාසින්ට යටත්ව සිදුකළ යුතුය.