මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට කඩා වැදුණු සුඛෝපභෝගී ජීප් රථය (PHOTOS)

November 15, 2020 at 6:22 PM

නෙලුම් පොකුන ඉදිරිපිට පිහිටා ඇති වාහන අලෙවි කිරීමේ අංගනයක් වෙත සුඛෝපභෝගී ජීප් රථයක් කඩාවැදීමෙන් අද(15) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් වාහන අලෙවි කිරීමේ ප්‍රදර්ශනාගාරයේ තබා තිබු මෝටර් රථයකට ද බරපතල හානි සිදුවී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් වන අතර 19 හැවිරිදි එම තරුණියට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අනතුරෙන් එම වෙළෙඳ ආයතනයට බරපතළ අලාභහානි සිදුවී ඇත. මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බවද පොලිසිය පවසයි.

නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩගේ සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය විසින් සිදුකරන බව හා රිය පැදවූ බව කියන තරුණියට රියදුරු බලපත්‍රය ​නොමැති බව හෙළි වී ඇති බවයි.