දෙවිනුවර නගර සංවර්ධනය වෙනුවෙන් පොහොට්ටුව, දුරකථනය සහ අත එක වේදිකාවකට (PHOTOS)

November 15, 2020 at 5:49 PM

දෙවිනුවර නගර සංවර්ධන සැලස්ම ක්‍රියාත්මක කිරීමට සාමුහිකව කටයුතු කිරීමට සියලු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සිය ෆේස්බුක් පිටුවේ තබා තිබු සටහනයි මේ..

” මාගේ ආරාධනාවෙන් දෙවිනුවර ආසනයේ සමගි ජන බලවේගයේ ආසන ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්ති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති, විපක්ෂ නායක ඇතුළු පොදුජන පෙරමුණේ, සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහබාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හමුවක් අද පවත්වන ලදි.

මෙහිදී නගරයේ පුජා භූමිය පිළිසකර කර පෙරහැර මාවත සංවර්ධනය කිරීම, පැරණි වෙළඳ සංකීර්ණ දෙක කඩා ඉවත් කර නව වෙළඳ සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම තුල ඉදි කිරීමට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව ඇතුළු රජයේ කාර්යාල පරිපාලන නගරයක් ලෙස සුදුගල ප්‍රදේශයේ ස්ථානගත කිරීම, මහජන ක්‍රීඩාංගනය පුළුල් කර සංවර්ධනය කිරීමට සහ අත්පත් කර ගැනීමට අවශ්‍ය ඉඩම ලබා ගැනීමට සහ සංවර්ධනය කිරීමට යන ප්‍රතිපත්ති කරුණු වෙනුවෙන් එකඟ වන ලදි.”