ලංකාගම – නෙළුව මාර්ගයේ ඉදිකිරීම් ගැන සොයන්න ඇමති ජොන්ස්ටන් යයි (VIDEO)

November 14, 2020 at 10:25 AM

මතභේදයට තුඩුදුන් ලංකාගම – නෙළුව මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදිිකළ බවට එල්ලවන චෝදනා අසත්‍ය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මෙම මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ඡායාරූප සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ එහි සංචාරයක නිරතවූ අතර, ඉන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියා.