බෝගම්බර බන්ධනාගාරයේ 80 දෙනෙකුට කොරෝනා

November 14, 2020 at 1:05 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රැඳවියන් 94 දෙනෙකු බන්ධනාගාර දෙකකින් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස වාර්තා වූ කොරෝනා ආසාදිත රැඳවියන් ගෙන් 80 දෙනෙකු බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ද සෙසු 14 දෙනා කුරුවිට බන්ධනාගාරයෙන් බව සඳහන්.

ඒ අනුව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 285ක් දක්වා ඉහළ ගොස් ඇත.