කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාස සඳහා නොමිලේ ජංගම වෛද්‍ය සායන

November 14, 2020 at 2:20 PM

වර්තමානයේ රටේ පවතින කොවිඩ් -19 වසංගතය හේතුකොට ගෙන කොළඹ නගරයේ දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශ, මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙලෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මුලික කොට ගෙන පහත විස්තර කෙරෙන ස්ථානවල දී නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.