විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමදානය පිලිබදව තීන්දුව ගන්නවා – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

November 13, 2020 at 6:48 PM

කොවිඩ් – 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් තමන් වෙත ලබාදීමට නියමිතව තිබෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් නොගත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේ.

” කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා” ඇමතිවරිය විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියා.