විදෙස් ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට යලි ඇරඹේ

November 13, 2020 at 12:55 PM

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. හමුදාපතිවරයා සඳහන් කළේ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

මේ අතර මෙම මස 18 වෙනිදා සිට 26 වෙනිදා දක්වා කාල සීමාවේදී විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් 1000 කට ආසන්න පිරිසක් යළි මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, නොවැම්බර් 18 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජයේ වෙසෙන පුද්ගලයින් 290ක්, නොවැම්බර් 20 වෙනිදා ඉතාලියේ සිට පුද්ගලයින් 100 දෙනෙක්, නොවැම්බර් 21 වෙනිදා කටාර් සිට පුද්ගලයින් 297ක්, නොවැම්බර් 23 වෙනිදා කුවේට් හි සිට පුද්ගලයින් 297 දෙනෙකු සහ නොවැම්බර් 26 වෙනිදා ඕමාන් සිට පුද්ගලයින් 290 දෙනෙකු මෙරටට රැගෙන ඒමට සැලසුම් කොට ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.