ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානායක් අනතුරට ලක්වෙයි (VIDEO / PHOTOS)

November 13, 2020 at 8:56 PM

ලොව විශාලතම ගුවන් යානා වලින් එකක් වන ඇන්ටනොව් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හදිසි ගොඩබෑමකදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැනීම හේතුවෙන් එම යානයට බරපතල හානි සිදුවී තිබෙනවා.

ටොන් 150 ක් රැගෙන යා හැකි AN -124 රුස්ලාන් යානය සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ නමුත් යානය ගුවන් පාලක මැදිරිය සමග පැවති සබන්ධතා බිඳවැටීමකට ලක්වීම නිසා යලි ගුවන් තොටුපොළ වෙත හරවා පැමිණ තිබෙනවා.

කාර්ය මණ්ඩලය 14 දෙනෙකුගෙන් යුත් එම ගුවන් යානය ගුවන් තොටුපොළට ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට පැන එහි ඉදිරිපස රෝදයට හා වම් පැත්තට දැඩි හානි සිදුව ඇත.

ගුවන් යානයේ එන්ජිමේ කොටසක් ගුවන්තොටුපල අසල පිහිටි ගබඩාවක වහලය මතට කඩා වැටී ඇති අතර එම අවස්ථාවේදී ඒ අසල සිටි පුද්ගලයින්ට හෝ ගුවන් යානයේ සිටි කිසිවෙකුට හානියක් සිදුවී වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Video:

https://www.dailymail.co.uk/news/article-8946333/Huge-Antonov-cargo-plane-crash-lands-skids-runway-emergency-caught-video-Russia.html#v-3171483455401473235

https://www.dailymail.co.uk/news/article-8946333/Huge-Antonov-cargo-plane-crash-lands-skids-runway-emergency-caught-video-Russia.html#v-1816982487125439330