මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,000 ඉක්මවයි

November 13, 2020 at 10:08 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 270 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 468ක්.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,191ක් වේ. රෝහල් ගත කොට ඇති සංඛ්‍යාව 5,107ක් වනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,695ක්.