මහල් නිවාස වල ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

November 13, 2020 at 4:57 PM

හුදෙකලා කළ කොළඹ මහල් නිවාසවල දිගුකාලින රෝගවලින් පෙළෙන අයට කොවිඩ් ආසාදනය වීමේ අවදානම වැඩි අතර එහි සංකුලතා ඇතිවීමේ අවධානම වැඩි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කොළඹ මහ නගර සභා සිමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාස වන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සද උයන, මිණිජය සෙවන, රන්මිත් සෙව, සත්හිරු සෙවන සහ NHS මහල් නිවාස මෙලෙස හුදෙකලා කොට ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.