කොවිඩ් මරණ 05ක් සහ ආසාදිතයින් 198ක් වාර්තා වෙයි

November 13, 2020 at 7:29 PM

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා විමත් සමගයි.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිතයින් 198ක් වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.