කොවිඩ් නිසා කොළඹ වරායේ කටයුතු ප්‍රමාදයි : නෞකා 20ක් පමණක් වරායෙන් පිට නැංගුරම් දමා ඇත

November 13, 2020 at 5:10 PM

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් නෞකා 20ක් පමණ දින ගණනක් තිස්සේ වරායෙන් පිට නැංගුරම් ලා ඇතැයි වාර්තා වේ.

වරායේ පිරිසකට කොවිඩ් වයිරසය ආසාදනය වීම හා තවත් පිරිස් නිරෝධායනයට යොමු කර සිටීම, හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින සේවකයන් සේවයට ගෙන්වීමට නොහැකිවීම නිසා කාර්ය මණ්ඩලය අඩුවීම මෙයට හේතු වී තිබේ.

මේ හේතුවෙන් විශ්‍රාමික සේවකයන් මෙන්ම සුදුසුකම් ලත් බාහිර ආයතනවල සේවකයන්ගේද සහය ලබාගැනීමට තීරණය කර ඇතැයි වරාය අධිකාරිය පවසයි.