බොලිවුඩ් නළු අසිෆ් බස්රා සියදිවි හානිකර ගනියි

November 12, 2020 at 4:37 PM

බොලිවුඩ් චිත්‍රපට නළුවෙකු වන අසිෆ් බස්රා (53) ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම බොලිවුඩ් නළුවාගේ සිරුර හිමාචල් ප්‍රාන්තයේ පිහිටි දරම්සාලා ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක තිබී හමුවී ඇති අතර ඔහු ගේ එල්ලීමෙන් සියදිවි හානිකර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

හින්දි සහ දමිළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායකත්වය දක්වා ඇති ඔහු රගපෑ චිත්‍රපට වල වාර්තාවක් පහතින් දැක්වේ.