තහංචි මැද තැන තැන ඇවිද්ද පුද්ගලයින් 15 දෙනෙකු ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් මෝදරදී අත්අඩංගුවට

November 12, 2020 at 8:39 PM

හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ නිරෝධායන සීමාවන් උල්ලංඝණය කරමින් සංචාරණයේ යෙදුනු පුද්ගලයින් 15 දෙනෙකු ඩ්‍රෝන යානා මගින් සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසනවා.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද එක් කොට තිබු අතර භුමියේ මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.