කොළඹ නගර සභා සීමාවේ PCR පරීක්ෂණ වැඩි කෙරේ

November 12, 2020 at 6:44 AM

කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එම නගර සභා සීමාව තුළ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට පස් ගුණයකින් වැඩි කර ඇති බව කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා.

කොල්ලූපිටිය, බොරැල්ල, කොටුව ඇතුළු කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසකින්ම දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම මත මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළා. මෙහිදී අවදානම් කණ්ඩායම් සම්බන්ධයෙන් මෙන්ම අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සඳහා ද මෙම පරීක්ෂණ සිදු කෙරේ.

කොළඹ නගරයේ කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර පැතිරීමක් දක්නට ඇතත් ජනගහනයෙන් කෙතරම් ප‍්‍රතිශතයකට වෛරසය ආසාදනය වී තිබේදැයි නිශ්චිතවම පැවසිය නොහැකි බව වෛද්‍ය රුවන් විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ.