කොරෝනා වලට රෝහල්ගත වෙන්න බය වෙන්න එපා : දවසට 3-4 වාරයක් හුමාලය අල්ලන්න – රෝහල් ගතව සිටින ආසාදිතයෙක් කියූ කතාව (VIDEO)

November 12, 2020 at 2:10 PM

කොවිඩ් වෛරසය ආසාදනය වී බණ්ඩාරගම රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු තමන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් රෝහලේ සිට අදහස් පළකර තිබෙනවා.

” පළමුවෙන්ම ඔබ කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගත්තම ඔබගේ මානසිකත්වය ගැන අවධානය යොමු කරන්න. කිසිම දෙයකට බයවෙන්න එපා. කොවිඩ් වෛරසය ගැන බය වුණා කියලා තේරුමක් නැහැ.

මම දැන් ඉන්නේ බණ්ඩාරගම රෝහලේ. අපි උදේ නැගිට්ටම උණු වතුර වලට ලුණු දාලා හොඳට උගුර හෝදනවා. ඒ වගේම හැම පැයකටම වරක්ම උණු දෙයක් බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ දවසකට තුන් හතර වාරයක් කොත්තමල්ලි, තේ සහ උණු වතුර පානය කිරීම වැදගත්. කොරෝනා කියලා ඒ රෝගයට කිසිම බෙහෙතක් ලබා දීමක් සිදුවන්නේ නැහැ.

අනෙක් කරුණ තමයි අපි දවසට 3-4 පාරක් හුමාලය අල්ලනවා. ඒක ඉතාම වැදගත්. ඊට අමතරව ඔලුවේ කැක්කුමක් වගේ ආවොත් අපිට රෝහලෙන් පැරසිටමෝල් පෙති දෙකක් ලබාදීමක් සිදුකරනවා. ඒ නිසා මම කියන්නේ කොරෝනා වලට රෝහල්ගත වෙන්න බය වෙන්න එපා”