රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 30,000ක් දකුණු කොරියාවෙන් මෙරටට

November 11, 2020 at 1:49 PM
දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇනටිජන් කට්ටල 30,000 ක් ඊයේ දින සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
මෙම පරීක්ෂණ කට්ටල විශාල පැලට් ඇසුරුම් 11 ක අසුරා දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.