අද රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ බස් සහ දුම්රිය ධාවනය ගැන ගත් තීරණය

November 11, 2020 at 7:04 PM

බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

මේ අතර අද දින රාත්‍රී 10 සිට ලබන නොවැම්බර් මස 15 වෙනිදා දින දක්වා බස්නාහිර පලාත තුලට පැමිණීමට අවසර ලබාදී ඇති අතර බස්නාහිර පළාත් සීමාව තුලින් පිටවීමට අවසර ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

එබැවින් දුම්රියන් වල ධාවන කටයුතු පහත සඳහන් පරිදි සිදුකරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.