දියවන්නා ඔයේදී ඔරුවක් බෝට්ටුවක ගැටෙයි : පුද්ගලයෙකු අතුරුදහන්

November 11, 2020 at 10:21 AM

බත්තරමුල්ල දියවන්නා ඔයේදී ඔරුවක බෝට්ටුවක් ගැටීමෙන් පුද්ගලයෙකු අතුරුදහන්වී තිබෙනවා. දියවන්නා ඔයේ මසුන් මැරීමට ගිය දෙදෙනෙක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්.

මොවුන් දෙදෙනා පොල්දූව පාලම යටින් දමා ඇති ආරක්ෂිත දැල ඉවත කොට පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට ඇතුල්ව තිබෙනවා. එම කලාපයේ ආරක්ෂාවේ යෙදී සිටි බෝට්ටුවක් ඔරුව සමග ගැටීමෙන් එක් අයෙක් දිවි ගලවා ගෙන ඇති අතර අයෙක් ජලයට වැටී තිබෙනවා.

ජලයට වැටුණු පුද්ගලයාගේ සිරුර සොයමින් පවතින බවත් මෙලෙස අතුරුදහන්ව ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ 26 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.