චීන වරාය සමාගමේ සේවකයින් 47කට කොරෝනා : චීන ජාතිකයින් සිව්දෙනෙක් ඒ අතර

November 11, 2020 at 4:46 PM

චීන වරාය සමාගමේ සේවය කරනු ලබන සේවකයින් 47 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා

එලෙස වෛරසය ආසාදනය වූ පිරිස අතර චීන ජාතිකයින් සිව්දෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මිට අමතරව මරදාන ප්‍රදේශයේ කාගීල්ස් ෆුඩ්සිටි වෙළෙඳසැලේ සේවකයෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් එම සුපිරි වෙළෙඳසැල වසා දමා ඇත.