සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

November 10, 2020 at 7:52 PM

අද සිට බලපැවැත්වෙන පරිදි සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැකට් කලා සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 90ක් බවයි එහි දැක්වෙන්නේ. පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම මිල රු. 85ක් වේ.