පලමු Skype Online නඩුව : නීතිවේදියෙකු සිය අත්දැකීම ගැන තැබූ ෆේස්බුක් සටහන

November 10, 2020 at 7:42 PM

අද දින මා මගේ පලමු Skype නඩුවට පෙනී සිටියෙමී. කොලඹ මහෙස්ත්‍රාත් අධීකරනයේ Skype යෙදවුමට ඊයේ කෙටි පනිවුඩයක් මගීන් මා කල ඉල්ලීමක් මගින් එකතුවුනෙමී , එමෙන්ම අද දීන මාගේ නඩුව කැඳවන බවත් මාගේ සේවදායකයාගේ නම, නඩු අංකය හා ඉදීරී දිනය වැඩිමනත් එහී සටහන් කලේමී.

දිනක් පුරාවට කිසිදු පිලිතුරක් නොලද හෙයීන් කුමක් වූවාදැයී නොඉවසිල්ලෙන් සිටියේමී. අද දහවල් 1 ට පමණ හදීස්සීයේ ඇමතුමක් ලැබුනු අතර මගේ අතද අඹරවාගෙනම කෝට් එක ඇඟලා එකතු වුනෙමී. ඔවුන් කෙටි පනිවුඩයක් මගින් දැන්වුයේ සුදානමව සිටින ලෙසයී ටික වෙලාවකින් මහෙස්ත්‍රත් තුමිය , මුඩ්ලියර් මහත්මිය හා බන්ධනාගරයේ සිටින මගේ සේවදායකයා , බන්ධනාගාර නිලධාරීන්ද තිරයේ දිස්විය , මා මගේ ඉල්ලීම ඉදීරීපත් කල අතර ඒවාට නිසි සැලකීම් හා පියවර ගැනින, නඩුව නැවත සිකුරාද කැඳවේ. මා සම්පුරණ නිල නීතීඥ ඇඳුම ඇඳ සිටී අතර එය අත්‍යාවශ්‍ය බව නිල නිවේදනයේද සඳහන්විය.

මෙය මා සටහන් කරන්නේ අත්දැකීමක් වශයෙන් පමනක් නොව ලෝකය වීවිධ අයුරින් උවදුරට මුහුන දෙන ආකාරයත් එහී විකාශයත් හා මනුශ්‍යය අනුගත වීමත් තේරුම් ගැනීමටය. මිනිසුන් හා සතුන් හා සියලු ජීවින් ඉක්මනින් අනුගත වේ , වෛරසයද ඉක්මනින් අනුගත වේ වෙනස් වේ අපද වෙනස් විය යුතුය අනුගත විය යුතුය අපගේ ප්‍රථම භ්‍රාන්තීන් අප විසින්ම අත්දැක අප විසින්ම ප්‍රාගුන්‍යට එකතු කල යුතුවේ සියල්ල ජයගත හැක, මුහුනදීම හා වෙනස්වීම අවශ්‍යය.

රීමාන්ඩ් දීර්ඝයන් හෝ වෙනත් විශේශ කාරනා වලට පමනක් ඉල්ලීම් කල හැකි බවද නිල දැන්වීමේ සටහන් විය මෙය මුල්ම පියවර නිසා එය වෙනත් තල වලටද ඉදීරීයේදී යොමුවිය හැක.

අධීකරන්යට නව අත්දැකීම් එකතු වෙමින් සිටී , ඔන්ලයින් නඩු දැමීම ශ්‍රෙෂ්ඨාධීකරනයේ ටික කලක සිට සිදුවේ ශ්‍රේෂ්ඨාධීකරනයේ හා වෙනත් අධීකරනවලද මේ අකාරයට නඩු ඇසීය හැකි බව මගේ අත්දැකීමෙන් පෙනේ සිතිය යුතු බව මගේ හැඟීමයී.

බන්ධනාගරගත මගේ සේවදායකයා සමග කතා කිරීමට අවශ්‍යයදැයී මුඩ්ලියර් මහත්මිය විමසූ අතර මාගේ හදීසීයට එය හරියට නැසීනි එය තේරුම් ගන්න විට සිරකරුවා ඉවත්කරගෙන තිබිනි සිකුරාදා නඩුව නැවත කැඳවන නිසා මට එයට අත්‍යාවශ්‍යතාවක්ද නැත. බන්ධනාගරගත මගේ සේවදායකයා කථා කිරීමටද අවස්ථාව මේ අවස්ථාවේම සලසා ගත හැක, එයද ඉදීරී පියවරකී නීතීඥවරුන් වශයෙන් බන්ධනාගාරයට යැමේදී ගතවන කාලය හා වන වෙහෙස මෙයීන් අවම කර ගත හැක.

මගේද මුල්ම අත්දැකීම නිසා ටිකක් වෙන්න කලබල වීමී. මෙය ඉතා සුමට සිදුවිය හා කිසිදු බියවීමක් හෝ කලබල වීමක් නැත සරලය , අනුගතවීම පමනක් අවශ්‍යය. ලංකාවේ නීතී ක්ශේත්‍රයට සුභ පැතුම්.

( Mr. Lakshan Dias -AAL)