ඉටුකම කොවිඩ් -19 අරමුදලේ මුදල් වියදම් වූ හැටි

November 10, 2020 at 5:45 PM

“ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” සඳහා පසුගිය ඔක්තෝම්බර් මස 31 වෙනිදා වන විට රුපියල් 1,668,379,121.74ක් ශේෂයක් ඇති බවත් එම මුදලින් අද දිනය වන විට රුපියල් 402,190,701ක මුදලක් වෙන් කොට සහ වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ දක්වා සිදුකර ඇති PCR පරීක්ෂණ සඳහා රුපියල් 42,605,812.00ක පිරිවැයක් දරා ඇත. නිරෝධායන පහසුකම් සඳහා රුපියල් 38,031,065.00 වැයකොට ඇති බව සඳහන්.

පසුගිය මාර්තු මස 18 වෙනිදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණයකට අනුව මාර්තු 23 වෙනිදා දින අරමුදල පිහිටවනු ලැබූ මෙම ඉටුකම අරමුදල කළමනාකරණය පරිපාලනය මුල්‍ය සහ බැංකු කේෂ්ත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදුකරන අතර අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, විගණන විශේෂඥයින් සහ බැංකු ප්‍රධානීහු කලමනාකරණ මණ්ඩලයට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් කටයුතු කරනු ලබනවා.

කොවිඩ් මර්දනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය ඇතිව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව වියදම් කරන අතර අරමුදල කරනුයේ මුදල ප්‍රතිපුර්ණය කිරීමකි. කිසිදු අවස්ථාවක කමිටුව සෘජු මිලදී ගැනීමක් හෝ සෘජු මුදල් වැයකිරීමක් නොකරයි. අරමුදලේ ගණුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශය විසින් සිදුකරන අතර ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයකට යටත්වය.

ඉටුකම අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කළමනාකරණ කමිටුව අනුමත කළ ක්‍රියාකාරකම් පහත දැක්වේ.