නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින පිරිස 2400 දක්වා පහතට : මිනුවගොඩ පොකුරේ 4400 කට අධික පිරිසක් සුවය ලබා පිටව යයි

November 9, 2020 at 8:45 AM

අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 27ක් තුළ සිටින නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2,409ක් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 10,632ක් සිදුකොට ඇති අතර මේවන විට මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ 602,850ක් වනවා.

අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇගලුම් කම්හල සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආශ්‍රිතව ඇතිවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,451ක්.

ඉන් 1,041ක් ඇගලුම් කම්හලේ සේවකයින් වන අතර 1,007 දෙනෙක් පෑලියගොඩ මාළු වෙළෙඳපොලෙන් හමුවූ ආසාදිතයින් වනවා.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ආශ්‍රිතයින් 8,403 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර ඊයේ සවස වන විට මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 412ක් සහ එම කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.