වත්මන් ගෝලීය අවිනිශ්විතතාවය නිසා ලෝක යුද්ධයක් ඇතිවීමේ අවධානමක් – බ්‍රිතාන්‍යය යුද ප්‍රධානියෙක් අනතුරු අඟවයි

November 9, 2020 at 6:53 AM

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ගෝලීය අවිනිශ්චිතතාව සහ ආර්ථික අර්බුධයන් හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් අනතුරු අඟවා සිටිනවා.

සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් බ්‍රිතාන්‍යය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ කලාපීය මතභේද උත්සන්න වීම සහ ඔවුනොවුන් අතර විනිශ්චයේ දෝෂයන් අවසානයේදී පුළුල් ගැටුමකට තුඩුදිය හැකි බවයි.

” මම හිතන්නේ අප ජිවත්වන ලෝකය ඉතා අවිනිශ්චිත හා කණසල්ලට පත්ව ඇති මොහොතක.

ගෝලීය තරගාකාරිත්වය අප සියලු දෙනාගේ ජිවිතවල අංගයක් බවට පත්වෙලා.

මම සිතන්නේ අපට ඇති අවදානම මේ වන විට පවතින කලාපීය ගැටුම් ඉදිරියේදීකුමන මොහොතක හෝ ත්‍රිව වීමේ හැකියාවක් තිබෙනවා.

මෙය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවදානමක් ඇත්ද යන්න ගැන විමසු පැණයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ‘ එය අවදානමක්, එවැනි අවදානම් පිලිබඳව අප දැනුවත්විය යුතූ බවයි.’

විශාල අවදානම නම් මිනිසුන් සිතනවා යුද්ධයකට යෑම සාධාරණ දෙයක් කියලා. නමුත් යුද්ධයේ භිෂණය ගැන ඔබ අමතක නොකළ යුතුයි.

පසුගිය සියවස දෙක දෙස නැවත හැරී බැලුවහොත් වැරදි අර්ථකථනයන් හේතුවෙන් ලෝක යුද්ධ දෙකක් ඇතිවීම ගැන ඔබට පැහැදිලිව පෙනී යන කරුණක්. ඉතිහාසය යලි පුනරාවර්ථතනය වීමට ඉඩ නොතැබීම වඩාත් වැදගත්” බවයි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් සඳහන් කළේ.