බස්නාහිර පළාතේ ගැබිණි කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිවසේ සිටිමට අවසර : පොලිස් මාධ්‍ය ප්‍රකාශක

November 9, 2020 at 5:11 PM

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්තව සේවය කරනු ලබන සියළුම ගර්භණි පොලිස් නිලධාරිනියන් සහ අවුරුදු 02 කට වඩා අඩු දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරිනියන්ට සේවය සඳහා වාර්තා නොකට නිවසේ රැඳී සිටීමට අවසර ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

බස්නාහිර පළාතේ ව්‍යාප්ත වෙමින් තිබෙන වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම කාන්තා නිලධාරිනියන්ට සේවයට වාර්තා නොකොට නිවසට වී සිටීමට අවසරය හිමිවන බවත් ආයතන සංග්‍රහය අනුව ඔවුන්ගේ වැටුප් ලබාදීම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින සහ නිරෝධායනයට හෝ ස්වයං නිරෝධායනයට යොමු කොට සිටින පොලිස් නිලධාරින් ගේ නිවෙස්වල සාමාජිකයින්ට රුපියල් 5000 ක පැකේජයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් තීරණය කොට ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.