දියණියට බෑණාට කොරෝනා කියා මව ගෙල වැලලාගෙන මිය යයි

November 9, 2020 at 2:46 PM

තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම දියණියගේ ස්වාමිපුරුෂයා මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අයකු වන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.

මෙසේ මරණයට පත්ව හැත්තෑ දෙහැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

” ඔබගේ ජිවිතය ගැන දෙවරක් සිතන්න… ඔබ තනිවී නොමැත… පහත 👇දුරකථන අංකයට කතා කරන්න…”