කඳාන සහ මහබාගේ පොලිස් බලප්‍රදේශ හුදෙකලා කරයි

November 9, 2020 at 8:08 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පොලිස් බලප්‍රදේශ දෙක හුදෙකලා කිරිමට පියවර ගත් බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.