අද දිනයේ කොවිඩ් රෝගීන් 356ක්

November 9, 2020 at 10:09 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 356ක් වනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,803ක්.

අද වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් වන අතර ඉන් 8880 දෙනෙකු සුවය ලබා ඇත.

මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් පිරිස 5370ක් වනවා.