අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 510ක් : මරණ 01ක්

November 8, 2020 at 10:37 PM

මෙරට 35 වන කොරෝනා වෛරසය ආසාදිත මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර සිටිනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 78 වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. මිය යාමට හේතුව ලෙස හඳුනා ගෙන ඇත්තේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

මේ අතර අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 510ක් වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තාවූ සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,929ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 8285ක්. ඒ අනුව දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 5609ක් වනවා.