වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයින් ඉහළට

November 8, 2020 at 7:01 PM

වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙලෙස වෛරසය ආසාදනය වූ අයවළුන් අතර 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන් වනවා. බන්ධනාගාර නිලධාරියෙක්ටද වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

වෛරසය ආසාදනය වූ රැඳවියන් වැලිකන්ද රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බව සඳහන්.