WhatsApp හඳුන්වාදෙන Disappearing මැසේජ් පහසුකම නුදුරේදීම ඔබටත්

November 6, 2020 at 12:04 AM

WhatsApp කියන්නේ අද වන විට සැම Smartphone එකකම වගේ පාවිච්චි වෙන අතිශය ජනප්‍රිය වු Social Media App එකක් කියල කියන්න පුළුවන්. ඒ වගේම WhatsApp කියන්නේ අතිශය පුද්ගලික තොරතුරු හුවමාරු වෙන Social Media Platform එකක් විදිහටත් කියන්න පුළුවන්. ඉතින් මේ Social Media Platform එක තුලින් අපි හුවමාරු කර ගන්නා පණිවිඩ, ජායාරූප, විඩියෝ ආදිය තුල අපගේ පුද්ගලික තොරතුරු අන්තර්ගත වෙනවා.

මේ වන තුරැ අපි WhatsApp හරහා හුවමාරු කර ගන්නා පණිවිඩ අප විසින්ම මකා දමන තුරැ WhatsApp හි Save වි පවතිනවා. මේ නිසා සමහර අවස්ථාවලදි අපේ පුද්ගලික තොරතුරු අනතුරට පත්වන අවස්ථාද නැතුවාම නොවේ. ඉතින් මේ ගැටලු අවම කරන්න හදුන්වා දෙන Feature එකක් විදහට Disappearing Messages Feature එක හදුන්වා දෙන්න පුළුවන්.

මේ Disappearing Messages Feature එක තුලින් අපිට අපේ Messages දවස් 07කින් අතුරුදහන් විමට සකසන්න පුළුවන්. ඒ කියන්නේ මේ Feature එක On කරාම දවස් 07කින් ඒ Messages සියල්ල ස්වයංක්‍රීයවම අතුරුදහන් වි යනවා. මේ Feature එක තුලින් WhatsApp හි ඇති පෞද්ගලිකත්වය තහවුරු කිරිමට හැකි වෙනවා.

මෙහිදී පහත කරුණු වැදගත් වෙනවා

01. සාමාන්‍ය Chat සදහා නම් Userටම මේ Disappearing Messages Feature එක On කර ගන්න හැකියාව පවතින අතර Group Chat එකක නම් ඒ Feature එක Control කල හැක්කේ Group Adminට පමණයි.

02. මේ නව Disappearing messages Feature එක On කල පසු ඔබට disappearing messages යැවිය හැකි වෙනවා. එනම් දින 07කින් අතුරුදහන් වන අකාරයට. ඒ ⁣වගේම මේ Feature එක සක්‍රීය කරන්න කලින් අපි හුවමාරු කරගත් Messages වලට මේ Feature එකෙන් බලපැමක් වෙන්නේ නැ.

03. ඒ වගේම මේ Feature එක සක්‍රීය කර තිබෙන විට දින 07 WhatsApp භාවිතා නොකලහොත් මිලගට ඔබ WhatsApp භාවිතා කරන දිනය වන විට පැරණි Messages සියල්ල අතුරුදහන් වි යනවා. නමුත් ඔබ WhatsApp Open කරන තුරැ Notification වල ඒ Messages වල Previews රැදි තිබෙනවා.

04. ඒ වගේම Disappearing Message එකක් උපුටා ගෙන පිළිතුරු දැක්වුව හොත් ඒ Message එක දින 07කට පසුව වුවද Chat එක තුල රැදි පවතිනවා.

05. ඒ වගේම අපිට ලැබුණ Disappearing Message එකක් අපි Forward කරන විට (අපේ Disappearing Messages Feature එක Off නම්) Forward කල පසු එය සාමාන්‍ය Message එකක් ලෙස Chat එක තුල පවතිනවා.

06. Disappearing messages Feature එක සක්‍රීය අවස්ථාවක Messages අතුරුදහන් විමට පෙර Backup කරනවා නම් ඒ Backup එක යළි Restores කිරිමේ දි Disappearing messages සියල්ල අතුරුදහන් වි යනවා.

07. ඒ වගේම Disappearing message Feature එක සක්‍රීය විට ඔබට ලැබෙන Media Content සියල්ල ඔබ විසින් Save කර ගත යුතුයි. නැතිනම් ඒ සියල්ලත් දින 07කට පසු අතුරුදහන් වි යනු ඇත.

08. ඒ වගේම මිලග WhatsApp Update එක තුලින් මේ Disappearing message Feature එක ලබා දෙනු ඇත.

( උපුටා ගැනීම : androidwedakarayo වෙබ් අඩවියෙන්)