මේක රජයෙන් ගෙනා වෛරසයක් නෙමේ : ජනතාව වගකීම් ඉෂ්ඨ නොකළ නිසයි මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවුනේ – ජනපති (VIDEO)

November 1, 2020 at 7:29 PM

ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. මේක රජයෙන් දාපු වෛරසයක් නෙවෙයි. මේක ලෝකයටම බලපාන සෞඛ්‍ය ප්‍රශ්නයක්. ජනතාව වගකීම ඉෂ්ඨ නොකල නිසා තමයි මේ තත්ත්වෙට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ යැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

දින 03 ක කාලයක් සඳහා ඇඳිරි නිතිය පැනවූ අවස්ථාවේදී බොහෝ පිරිස් ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවත් එලෙස වගකීම් විරහිත ලෙස ක්‍රියා නොකරන ලෙසට දැනුම් දිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා.