හුදෙකලා කළ කළුතර ගම්මාන ගැන අද ගත් තීරණය

October 29, 2020 at 11:55 AM

කළුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති ගම්මාන අතුරෙන් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස නම් කිරිම මේ මොහොතේ පටන් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථ-19 නිවේදනය කර සිටිනවා.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ අවධානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 13ක් හුදෙකලා කරනු ලැබූවා.

ඒ අනුව ඕවිටිගල, බෙරගම, ගොරක්ගොඩ, බදුගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර, බෙල්ලන, ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන හුදෙකලා කිරීමේ නියෝග ඉවත් කොට ඇත.