ezBiz ආයතනය කුඩා පරිමාණයේ ව්යාපාර වලට රුකුලක් වීමට NDB බැංකුව සමඟ එක්වෙයි.

October 27, 2020 at 8:49 PM

ඡායාරූපය 1
වම්පස සිට : යසස් හේවගේ (විධායක ව්‍යාපාර අංශ ප්‍රධානි, Think Cube Solutions (පෞද්) සමාගම), මිතිල මෙන්ඩිස් (ප්‍රධාන විධායක නිලධාරී, Think Cube Solutions (පෞද්) සමාගම), දමිත කාරියවසම් (අධ්‍යක්ෂ, Think Cube Solutions (පෞද්) සමාගම), ඉර්ෂාඩ් අලි (අධ්‍යක්ෂ, Think Cube Solutions (පෞද්) සමාගම), ඇලෙක්ස් ලොවෙල් (අධ්‍යක්ෂ, Think Cube Solutions (පෞද්) සමාගම), දිමන්ත සෙනවිරත්න (අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී, NDB බැංකුව), ඉන්දික රණවීර (උපසභාපති, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර බැංකු අංශය, NDB බැංකුව), දමිත සිල්වා (සහකාර උපසභාපති, ඩිජිටල් මුල්‍ය සේවා අංශය, NDB බැංකුව), මදුර උඩවරගෙදර (කළමනාකාර, ක්ෂුද්‍ර මූල්‍ය අංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර)

NDB බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි පාරිභෝගිකයන් වෙනුවෙන් නවීණ ක්ලවුඩ් තාක්ෂණය මත පදනම්වූ ව්‍යාපාර කළමණාකරනය පිණිස උපකාර වන ezBiz සේවාව ප්‍රචාරය කිරීමට ThinkCube Solutions පෞද්ගලික සමාගම සහ NDB බැංකුව ඔක්තෝබර් මස විසි දෙවන දින ගිවිසුමක් අත්සන් කලහ.

‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙලට අනුකූලව සහ එහි ප්‍රධාන පියවරක් ලෙස NDB බැංකුව, තම පාරිභෝගිකයන්ගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ශක්තිය තව දුරටත් වැඩිකිරීමට නවීණ තාක්ෂණය, ව්‍යාපාර කළමණාකිරීමට අවශ්‍ය සේවා සහ දැනුම ලබා දීමට, ezBiz සේවාව තෝරාගෙන ඇති අතර, මෙම තාක්ෂණය නිර්මාණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවට අනුකූල සහ අදාල දැනුම භාවිතා කරමින්‍ ය.

මෙම සේවාව හඳුන්වාදීමත් සමගම NDB බැංකුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙන සේවයට නව මුහුණුවරක් ලැබෙන අතර, මෙම ව්‍යාපාර සංවර්ධනයට සහ අත්‍යවශ්‍ය ව්‍යාපාර තීරණ ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන්ට මහඟු සහයක් ලැබෙයි.

ezBiz මෘදුකාංගය නවීණ ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ ඉතා පුළුල් සේවා ප්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන අතර, ඕනෑම තැනක සිට තම ව්‍යාපාරය කළමණා කිරීමේ හැකියාවද ලබාදෙයි. මෙම සේවාව ව්‍යාපාරයේ සේවකයන් කිහිපදෙනෙක් හරහා පරිශීලණය කිරීමට හැකියාව ලැබෙන අතර විකුණුම් පිළීබඳව වාර්තා සහ ජංඟම දුරකතන මෘදුකාංගයකින් ද සමන්විතයි.

‘ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය සේවා, අවශ්‍ය පරිදි ලබා දී, වැඩිදියුණු කිරීම අපගේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණක්. මෙම හේතුව නිසාම NDB බැංකුවේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල ඉතා සාර්ථක වී ඇත. මෙම ERP විසඳුම අපගේ පාරිභෝගිකයන්ට ලබා දීමෙන්, ඔවුන්ගේ තොග පාලනය, ණය ගණුදෙනු, සේවක පඩි වාර්තා, මූල්‍ය කලමණාකරනය සහ ගිණුම් තැබීම වැනි දෑ ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මූල්‍ය ගණුදෙනුවලදී බැංකුවට සහ පාරිභෝගියාට ඉතා පහසුවෙන් තීරණ ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙයි. මෙය බැංකුවට සහ පාරිභෝගිකයාට ඉතා වාසිදායක ක්‍රමයකි.” දිමන්ත සෙනවිරත්න (අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී, NDB බැංකුව) ඔහුගේ අදහස් මෙසේ ප්‍රකාශ කලේය.

“මෙම ගිවිසුම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියේ ඉතාමත් වැදගත් පියවරක් වෙයි. මෙමගින්, පසුගිය වසර කිහිපය තුල අපි අධ්‍යනය කළ  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මුහුණ දීමට සිදුවන අභියෝග වලට සාර්ථකව මුහුණදීමට, ශක්තිමත්ව ඉදිරියට යාමට රුකුලක් වීමට සහ මෙමගින් ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට ද හැකියාව ලැබෙයි. මෙම ගිවිසුම මගින් රට පුරා ඇති සියලු ව්‍යාපාර වලට රුකුලක් වීමට හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරන අතර ThinkCube ආයතනය NDB බැංකුව සමග එක්ව මෙම සේවාව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන්නෙමු.” ඇලෙක්ස් ලොවෙල් (අධ්‍යක්ෂ, Think Cube Solutions (පෞද්) සමාගම) මහතා ප්‍රකාශ කලේය.

NDB බැංකුව සීඝ්‍රයෙන් වර්ධනය වෙන ශ්‍රී ලංකාවේ විශාල ලැයිස්තුගත බැංකුවක් වන අතර, අත්තිකාරම් වල, 21% සමුච්චිත මධ්‍යක වර්ධන අනුපාතක් සහ තැන්පත් වල 25% වරධන අනුපාතයක් පසුගිය වසර හතර තුල වාර්තා කලේය. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය උදෙසා සේවය කරන එකම බැංකුව ලෙස සුවිශේෂි ස්ථානයක් හිමිකරගෙන තම පාරිභෝගිකයන්ට නිරන්තර සේවය NDB සමූහයෙන් ලබාදෙයි.

ThinkCube ආයතනය ක්ලවුඩ් තාක්ෂණය භාවිත කරමින් ව්‍යාපාර වලට නවීණ ඩිජිටල් සේවා සපයන ආයතනයකි. ThinkCube ආයතනය නිරන්තරයෙන්ම නව ඩිජිටල් සේවා නිෂ්පාදනය කිරීමට ඇප කැපවී සිටින අතර ඔවුන් නිරතුරුව එම සේවා වැඩිදියුණු කරයි. ThinkCube ආයතනයේ පරමාර්ථය වනුයේ ඩිජිටල් තාක්ෂණය හා මෘදුකාංග හරහා ව්‍යාපාර වලට කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමයි. ව්‍යාපාර සඳහා අවශ්‍ය ඩිජිටල් සේවා / මෘදුකාංග, e-learning සඳහා අවශ්‍ය සේවා / මෘදුකාංග, ThinkCube ආයතනයේ ප්‍රධාන සේවා වලට අදාල වේ.

500,000 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

දළ ජාතික නිෂ්පාදනයෙන් 50%, ශ්‍රම බලකායෙන් 45%, අපනයන ආදායමෙන් 5% ක් වන ශ්‍රී ලංකාව ලොව නවෝත්පාදන දර්ශකයේ 101 වන ස්ථානය දරයි.

ගිණුම් තැබීම ගැණුම් සහ තොග පාලනය (තොග නැතිවීම හෝ නාස්ති වීම වලක්වයි) CRM (ඉතා ලෙන්ගතු පාරිභෝගිකයන්ට අවශ්‍ය උසස් සේවාව) විකුණුම් (බිල්පත්, ඉන්වොයිස් පත්, GRN) POS (විකුණුම් ප්‍රචාරණ සේවා) රැකියා (පහසුලෙස රැකියා කළමනාකරණය සහ සම්පත් භාවිතය) ජංඟම දුරකථන මෘදුකාංගය (ව්‍යාපාර පිළිබඳව ඕනෑම වෙලාවක, ඕනෑම තැනකින් තොරතුරු දැනගැනීමට)