ශ‍්‍රී දළදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්

October 24, 2020 at 2:03 PM

ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන සියළුම සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ දෛනිකව පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම මාළිගා පරිශ‍්‍රයට ඇතුළත් වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව කි‍්‍රයාත්මක කිරීමෙන් අනතුරුව ඇතුළත් කර ගැනීම සිදු වන බවයි දියවඩන නිලමේවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

Image