වෙනත් රෝගයක් ගැන කියා ඇතුළත්වූ රෝගියාට කොරෝනා : කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දැමේ

October 24, 2020 at 12:18 AM

වෙනත් රෝග ලක්ෂණ ගැන සඳහන් කොට කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමග එම රෝහලේ 7 වන වාට්ටුව සම්පුර්ණයෙන් වසා දැමීමට සිදුව බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

වෙනත් රෝග ලක්ෂණ ගැන පවසමින් කළුබෝවිල රෝහලට ඇතුලත් වූ මෙම රෝගීයාට සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

එම සිදුවීමෙන් අනතුරුව රෝහලේ 7 වාට්ටුව වසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බවත් ඔවුන්ට නිවෙස් වලම නිරෝධායනය වෙන ලෙස උපදෙස් දුන් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

කොරෝනා ආසාදිතයා මේ වන විටකොළඹ IDH රෝහලට යවා ඇති අතර එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.