බටලන්ද කඳවුරේ හමුදා කපිතාන්වරයෙකුටත් කොරෝනා

October 24, 2020 at 7:35 AM

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම යුද හමුදා කපිතාන්වරයා යුද හමුදා කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී මෙම යුද හමුදා කපිතාන්වරයාට වෛරසය ආසාදනය වෙන්නට ඇති බවට අනාවරණය වී ඇත්තේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුද හමුදා කපිතාන්වරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කොට ඇත.